උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

අන්තරේ සිසුන් 22 ගේ ඇප ඉල්ලීම විසි වෙයි.



අධිකරණ නියෝගය කඩ කළැයි චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයන් විසි දෙදෙනා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා ගොනුු කළ මෝසමක් ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එම නඩුව අද විත්තියේ නීතිඥ විසින් ඉදිරිපත් කළ මෝසමක් මාර්ගයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තියේ නීතිඥවරු විසින් ලබන 16 වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තම සේවාදායකයන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලීමක් කළා.

එහෙත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කලා.

ඒ අනුව අදාළ සැකකරුවන් ලබන 16 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් දැනට නිකුත් කර තිබෙන නියෝගය තවදුරටත් බල පැවැත්වෙන අතර නඩුව නැවත ලබන 16 වනදා කැඳවීමට නියමිතව තිබෙනවා.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් කොළඹ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වුණේ යැයි චෝදනා කරමින් අත්අඩංගුට ගන්නා ලද එම සැකකරුවන් දෙදෙනා ඉකුත්දා අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණා.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot