යාපනය නගරයේ ජනතාවට හා අවට පාසල් වෙත හිරිහැරයක් ලෙස හැසුරුණ යාපනය,නගරයේ
ප්රධාන පාසලක සිසුන් 50 දෙනෙකු අද(04) අත්අඩංගුවට ගත් බව යාපනය පොලිසිය පවසයි.
පොලිසිය පැවසුවේ යාපනය නගරයේ පාසල් අතර පවතින ක්රිකට් සැණකෙළියට සහභාගි වු
පාසල් දරුවන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.
බිග් මැච් වසන්තය හේතුවෙන් මේ දිනවල පාසල් සිසුන් විශාල පිරිසක් නගරයේ
ජනතාවට හා වෙළඳසැල් හිමියන් වෙත හිරිහැරයක් ලෙස හැසිරීම සම්බන්ධයෙන් ලද පැමිණිළි
මත සිසුන් පිරිසක් එලෙස අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.
සිසුන් වෙත අවවාද කිරීමෙන් අනතුරුව සිසුන් මුදා හැරීමට නියමිත බවද පොලිසිය
පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය පැවසීය.
No comments:
Post a Comment