කඩවුණ පොරොන්දුවක් වූ වතු වැටුප්.
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ දැමීමට රජය පොරොන්දු වුවද එම එය මේ දක්වා ක්‍රියාත්මක වී නැහැ. ඒ සඳහා තවත් සැලකිය යුතු කාලයක් ගත කිරීමට සිදුවන බවයි රජයේ බලධාරීන් පවසන්නේ. මේ සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය සමග අවස්ථා කිහිපයකදී සාකච්ඡා සිදුකළද එකඟතාවකට පැමිණීමට මේ දක්වා නොහැකි වී තිබෙනවා.
කෙසේ වෙතත් වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පෙන්වා දෙන්නේ මේ පිළීබඳ සාකච්ඡා වාර කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට නියමිත බවයි. එහිදී යම් එකගතාවකට පැමිණ වතු කම්කරුවන්ගේ දෛනික් වැටුප රුපියල් 1000 ක් දක්වා ඉහළ දැමීමට පියවර ගන්නා බව විෂයභාර අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සඳහන් කර තිබෙනවා.
මේ අතර වතු කම්කරු වැටුප් ඉහළ දැමීම කඩවුණු පොරොන්දුවක් බවට පත්ව ඇති බව හිටපු අමාත්‍ය පලනි දිගම්බරන් මහතා හැටන් ප්‍රදේශයේ පැවැති උත්සවයකදී සඳහන් කළා.
No comments:
Post a Comment