රටපුරා මද්‍රසා පාසල් - සියල්ල නීතිවිරෝධීයි.
මද්‍රසා පාසල් 1000 ක් දිවයින පුරා ක්‍රියාත්මක බව ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව පවසනවා. මේ දක්වා සිදුකර ඇති විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ ඒ අතරින් 375 ක් පමණක් මුස්ලිම් ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යඞශයේ ලියාපදිංචි කර ඇති බවයි.
එසේ වුවද මද්‍රසා පාසල් තුළ ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය රටේ මූළික නීතියට පටහැනි බව අනාවරණ වී ඇති අතර, ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව යෝජනා කර තිබෙන්නේ මේ සෑම පාසලකම ඉගෙනුම ලබන සිසුන් 2023 වසර වන විට පොදු අධ්‍යාපන ක්‍රමයට ඇතුලත් කළ යුතු බවයි. මද්‍රසා පාසල් සම්බන්ධයෙන් වූ වාර්තාවක් පසුගියදා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාව විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ අතර, එහි දැක්වුණේ මද්‍රසා පාසල් ඔස්සේ රටේ ජාතික ආරක්‍ෂාව සම්බන්ධයෙන් ගැටළු මතුවන තත්ත්වයක් පෙන්නුම් කරන බවයි.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී එම කාරක සභාවේ සභාපති මලිත් ජයතිලක මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් පලකළා.
No comments:
Post a Comment