පොලොන්නරුවේ රාජ්‍ය භීෂණයක්
ජනාධිපතිවරණයෙන් අනතුරුව පොලොන්නරුවේ රාජ්‍ය භීෂණයක් නිර්මාණය වූ බවත්, හෙට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ එම භිෂණයටද නැවැතීමේ තිත තැබෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළා. ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ කදුරුවෙල මැතිවරණ කාර්යාලය විවෘත කිරීම වෙනුවෙන් අද පැවැති උත්සවයකදීයී.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජිතයින්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නියෝජිතයින් විසින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් වක්‍රාකාරයෙන් සිදුකළ අදහස් දැක්වීමක් ලෙස හිටපු ජනාධිපතිවරයාගේ මෙම අදහස් දැක්වීම හැදින්විය හැකියි. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතාද මීට සමාන අදහස් දැක්වීමක් සිදුකර තිබුණා. කුරුණෑගල පැවැති ජනහමුවකදි ඔහු කියා සිටියේ පසුගිය මැතිවරණයේදී එක නායකයෙක් ජය්‍රහහණය කරවීමට තම පක්ෂය දායකත්වය ලබාදුන් බවයි. ඇතැම් බලවේගවලට බෙදීම් ඇති කිරීමට අවශ්‍ය වී ඇතත්, එවැනි බෙදීමක් ඇති කර ගැනීමට නිදහස් පක්ෂයට අවශ්‍යතාවක් නොමැති බව ඔහු පැවැසුවා. ඇතැමුන් පල නොකියා පලා බෙදන ආකාරයකින් ක්‍රියාත්මක වුවද ඒ කෙරෙහි තම පක්ෂය අවදානය යොමු නොකරන බවද දයාසිරි ජයසේකර මහතා පවසනවා.
මේ අතර මහමැතිවරණයත් සමඟ නැවැතත් පිල්මාරු සිදුවීමේ ප්රවනතාවක් ඇති වී තිබෙනවා. එහි ආරම්භයක් ලෙස පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහය දැක්වූ එස්.බී.නාවින්න මහතා මෙවර මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයෙන් තරග කිරීමට තීරණය කර ඇති බවටද තොරතුරු වාර්තා වනවා.
No comments:
Post a Comment