උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 29 February 2020

ජිනිවා ගිය පිරිස ආපසු එයි.


ජිනිවා ගිය පිරිස ආපසු එයි.

ජිනීවා හි මානව හිමිකම් සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු ශ්‍රී ලංකා නියෝජිත පිරිස, අද පස්වරුවේ නැවතත් දිවයිනට පැමිණියා. ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් දිවයිනට පැමිණි බවයි අප කටුනායක වාර්තාකරු පැවැසුවේ.

මේ අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචිලේ මහත්මිය අතර ඊයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ගත් පියවර සහ ඊට හේතු වූ කරුණු පිළිබඳ අමාත්‍යවරයා නැවතත් පුළුල් පැහැදිලි කිරීමක් සිදුකර තිබුණා.  

සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වුවද දේශීය යාන්ත්‍රණයක් හරහා තිරසර සාමය සහ සංහිදියාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නියමයන්ට අනුව වගවීම සහ මානව හිමිකම් සාක්ෂාත් කර ගැනීම සඳහා රජය කැපවන බවයි  අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබුණේ. එමෙන්ම තිරසර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සහ එහි නියෝජිත ආයතනවල සහය අපේක්‍ෂා කරන බවද ඇමතිවරයා පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචිලේ මහත්මිය මෙහිදී පෙන්වා දී ඇත්තේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් කණගාටුව පල කරන බවයි. එමෙන්ම මහ කොමසාරිස් කාර්යාලය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවට ශ්‍රීලංකා රජය ලබාදුන් සහතිකය අගයකරන බවද ඇය සඳහන් කර තිබෙනවා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot