මෙම නඩුව අද කැදවනු ලැබූ අවස්ථාවේදී චම්පික රණවක හිටපු අමාත්යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට අප්‍රේල් මස 26 වනදා සිට මැයි මස 12 වනදා දක්වා කාලසීමාව තුළ ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන හෙයින් එම කාල සීමාව සඳහා දැනට අධිකරණය මගින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ලිහිල් කරන ලෙස ඉල්ලා සිටියා.
ඊට ප්‍රතිචාර දක්වමින් කොළඹ අපරාධ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරිනී නෙවිල් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් අධිකරණය විසින් නියම කරනු ලබන කොන්දේසි මත එම සහනය ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන ලෙස නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා තමාට උපදෙස් ලබාදී ඇතැයි සඳහන් කළේය.
එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය රුපියල් ලක්ෂ 10 ක අමතර ශරීරයක් මත සැකකාර පාඨලී චම්පික රණවක මහතා වෙත පණවා තිබෙන විදේශ ගමන් තහනම ඔහු ඉල්ලා සිටින කාල සීමාව සඳහා ඉවත් කරන ලෙස ආගමන හා විගමන පාලකවරයාට නියෝග කළා.
මෙම අමතර ශරීරය ඇපය අධිකරණය හමුවේ තැන්පත් කිරීමෙන් පසුව මෙම නියෝගය ආගමන හා විගමන පාලකවරයා වෙත දැනුම් දෙන බවයි මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයෙන් සඳහන් කළේ.
මෙම නඩුව නැවත මැයි මස 13 වනදා කැඳවීමට නියමිතය.
No comments:
Post a Comment