උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 8 March 2020

කරූගේ මැදිහත්වීමෙන් සජිත් රනිල් යළි එක්වෙයි - හංසායාගෙන් මැතිවරණයට.


කරූගේ මැදිහත්වීමෙන් සජිත් රනිල් යළි එක්වෙයි - හංසායාගෙන් මැතිවරණයට.

හිටපු කතානායක කරූ ජයසූරිය මහතාගේ මැදිහත්වීමෙන් අනතුරුව සමගි ජන බලවේගය සඳහා හංසයා ලකුණ ලබා දීමට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නියෝජිතයින් කැමැත්ත පලකර තිබෙනවා. එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයද හංසයා ලකුණ හා සමඟි ජනබලවේගය යටතේ මැතිවරණයට ඉදිරිපත් වීමටද තීරණය කර ඇති බව දේශපාලන ආරංචි පැවැසුවා.  ඒ හිටපු කතානායක කරු ජයසූරිය මහතා මෙම මැදිහත්වීම සිදුකර ඇත්තේ එක්සත් ජාතික පක්‍ෂය තුළ බෙදීමක් ඇති වීමේ තත්ත්වය වැලැක්වීමේ අරමුණින් යුතුවයි.

රාජිත සේනාරත්න, රංජිත් මද්දුම බණ්ඩාර, ඉරාන් වික්‍රමරත්න සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහලේකම් ෂර්මිලා පෙරේරා යන අයගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව කොළඹදී පවත්වා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණ යටතේ වෙන්ව තරග කරන බව මැතිවරණ කොමිෂන් සභාව වෙත  දැනුම් දී තිබුණත් ඉදිරියේදී එම ඉල්ලීම ඉවත් කර ගැනීමටද පක්‍ෂ නායකයින් තීරණය කර ඇති බවටද තොරතුරු වාර්තාවුණා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය ද සමගි ජන බලවේගය සමග එක්ව හංසයා ලකුණින් තරග කිරීමට පියවර ගැනීමට නියමිතයි.  

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා පෙන්වා දෙන්නේ මෙම තීරණයක් සමඟ ජයග්‍රහණය තවදුරටත් තහවුරු වී ඇති බවයි. මෙම අවස්ථාව ලාංකේය දේශපාලන ඉතිහාසයේ හැරවුමක් ලෙස හැදින්විය හැකි බවද ඔහු පෙන්වා දෙනවා.  



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot