උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 6 March 2020

චීන ජනපති බිරියගෙන් ලංකවේ පාසලකට ලිපියක්.



චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය විසින් කොරෝනා වලින් පීඩාවට පත්ව සිටින චීනයේ ජනතාවට මෙරට ජනතාව ලබාදුන් සහයෝගයට ප්‍රසාදය පළ කර කොළඹ දේවි බාලිකා විද්‍යාලයට ලිපියක් යොමු කර  තිබෙනවා. කොරෝනා වලින් පීඩාවට පත්ව සිටින චීනයේ ජනතාවට මෙරට ජනතාවගේ සහයෝගය පළ කරන බව තේමාකරගනිමින් කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ සිසුවියන් පිරිසක් විසින් නිර්මාණය කරන ලද චිත්‍ර කිහිපයක් පසුගියදා මෙරට චීන තානාපති කාර්යාලට භාරදීමට ඔවුන් කටයුතු කර  තිබුණා.

අනතුරුව අදාළ චිත්‍ර තානාපති කාර්යාලය හරහා චීනයට යැවීමට පියවර ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් චීන ජනාධිපති ආර්යා පෙන්ග් ලියුආන් මහත්මිය සිය ප්‍රසාදය පළ කර ලිපියක් එවා ඇති බවයි කොළඹ දේවිබාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ඩබ්.ඩී.පී.කේ.සමරසිංහ මහත්මිය පැවසුවේ.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot