උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

 උදය ගම්මන්පිල මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කල් යයි



ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයකුට අයත් සමාගම් කොටස් විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන මහත්වරුන් එරෙහිව නිතිපතිවරයා ගොනුකර තිබෙන නඩුවේ විභාගය අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොල මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතීඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් තමන්ට අභියාචනාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට සහභාගි වීමට අවශ්‍ය වී තිබෙන හෙයින් මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට කල් දමන මෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය අගෝස්තු මස 06 වන දා තෙක් කල් තැබීමට තීන්දු කළා.

ඕස්ට්‍රේලියානු ජාතික ව්‍යාපාරිකයෙකු වන බ්‍රයන් ෂැඩික් මහතාට අයත් සමාගම් කොටස් ව්‍යාජ ඇටෝනි බලපත්‍රයක් සකස් කර විකුණා රුපියල් මිලියන 21 ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ව්‍යාපාරික සිඩ්නි ජයසිංහ යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබෙනවා.


No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot