උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday, 4 March 2020

උපාධි පත්වීම්වලට වෙන්න යන දේ ?

උපාධිධාරීන් අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගැනීම පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කොට සතියක කාලයක් ගතවනතුරු අත්හිටුවන්නැයි මැතිවරණ කොමිසම රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ අත්සනින් යුතුව අදාළ ඉල්ලීම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමු කර ඇති අතර, එහි දැක්වෙන්නේ මැතිවරණ කාලසීමාව තුළ යම් බලපෑමක් ඇති වීමේ හේතුකාරණා විමසා බැලීමෙන් අනතුරුව මෙම ඉල්ලීම සිදුකරන බවයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, මැතිවරණ කොමිසමේ දැනුම් දීම මත කටයුතු කිරීමට සිදුවන බවයි.

එබැවින් දැනට ලැබී ඇති පත්වීම අවලංගු නොවන බවත්, මැතිවරණය නිමාවීමෙන් අනතුරුව සියලු උපාධිධාරීන්ට ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුදැනුම රැකියා සඳහා අනුයුක්ත විය හැකි බවත් එම ප්‍රකාශකයා පැවසුවා.

උපාධිධාරීන් 45,000 ක් පමණ අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගන්නා බව රජය පසුගියදා නිවේදනය කළා.

එමෙන්ම, අද දිනයේදී පත්වීම් ලිපි ලැබුණු උපාධිධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත වාර්තා කර තිබෙනවා.

ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරුන් ඔවුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට අදාළ මූලික කටයුතු සිදුකර තිබූ අතර, ඇතැම් ස්ථානවල එවැන්නක් සිදුව තිබුණේ නැහැ.

මැතිවරණ කොමිසමේ නියෝග සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අවධානය යොමු වීම ඊට හේතුවයි.

ම් අතර, අභ්‍යාසලාභී පුහුණුව සඳහා බඳවා ගත් උපාධිධාරීන් නායකත්ව පුහුණුවක් සඳහා යොමු කිරීමටද තීරණය කර තිබෙනවා.

දෙමසක කාලයක් එම නායකත්ව පුහුණුව ක්‍රියාත්මක වන අතර, රාජ්‍ය සේවයේ කටයුතු කිරීම සම්බන්ධයෙන් පුහුණුව සඳහා ඔවුන් යොමු කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

එමෙන්ම, වසරක පුහුණු කාලය තුළ ව්‍යාපෘති වාර්තාවක් සකස් කළ යුතු බවටද උපාධිධාරීන් වෙත නියම කර තිබෙනවා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot