උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 12 March 2020

පළමු වාරයේ පාසල් නිවාඩුව මාර්තු 13 සිට දෙවැනි වාරය අප්‍රේල් 20 වැනි සදුදා ආරම්භ වේ




පළමු වාරයේ පාසල් නිවාඩුව මාර්තු 13 සිට
දෙවැනි වාරය අප්‍රේල් 20 වැනි සදුදා ආරම්භ වේ

          මෙරට පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි පළමු වාරයේ පාසල් නිවාඩුව මාර්තු 13 වන දින සිට ආරම්භ කිරීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් දෙවන පාසල් වාරය කලින් තීරණය කළ පරිදි ම අප්‍රේල් මස 20 වන දින ආරම්භ කරන බවද පැවසූ අමාත්‍යවරයා පෞද්ගලික හා ජාත්‍යන්තර පාසල්ද මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාත්මක වනු ඇතැයිද පෞද්ගලික උපකාරක පන්ති පවත්වන්නන් වඩාත් සංවේදී වනු ඇතැයිද තමා අපේකෂා කරන බවත් කියා සිටියේය.
ශ්‍රී ලංකාව මේ වන විට නව කොරෝනා (කෝවිඩ් 19) තත්ත්වයට සාර්ථකව මුහුණ දෙන ඉහළම ආරක්ෂක වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන රටක් වශයෙන් ජාත්‍යන්තර පැසසුමට ද ලක්ව ඇති නමුදු මහානායක හිමිවරුන් හා අගරදගුරුතුමන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ විශේෂ ඉල්ලීම මත සිසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම තීරණය ගත් බවද ප්‍රකාශ කලේය.
රට තුළ අනිසි බියක් වර්ධනය නොවීම සඳහා ත්, ජනතාවට නිවැරදි හා සත්‍ය තොරතුරු සැපයීම සඳහාත් මෙවැනි තීරණාත්මක අවස්ථාවන් වලදී වඩාත් වගකීම් සහගත මාධ්‍ය භාවිතයක නිරතවන ලෙසද සියලු මාධ්‍ය වලින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉල්ලා සිටි අතර මෙම අවස්ථාවට අධ්‍යාපන ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද, අධ්‍යාපන රාජ්‍ය ලේකම් රංජිත් චන්ද්‍රසේකර සහ අතිරේක ලේකම් එච්.යූ ප්‍රේමතිලක යන මහත්වරුන්ද සහභාගි විය.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot