උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 28 February 2020

ආණ්ඩුව අසමත් - විපක්‍ෂය සවිමත් වෙයි.


ආණ්ඩුව අසමත් - විපක්‍ෂය සවිමත් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජය ගෙවුණු කාලය තුළ සැලකිය යුතු ප්‍රගතියක් අත්පත්කර ගැනීමට අසමත් වී ඇති බවත්, එම තත්ත්වය තුළ ශ්‍රී ලංකාවේ අනාගතය අර්බුදයකට යොමුවීමේ හැකියාවක් පවතින බවත් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ මෙම තත්ත්වය තුළ ඉදිරි මැතිවරණයේ ජනමතය වෙනස් විය හැකි බවයි. ඒ අනුව ඉදිරි මැතිවරණයේදී නව රජයක් බලයට පත්වීමේ යම් හැකියාවක් පවතින බවත්, එසේ නොවුවද ශක්තිමත් විපක්‍ෂයක් බිහිවීම ඒකාන්ත කාරණයක් බවත් වික්‍රමසිංහ මහතාගේ අදහසයි. ඔහු මේ බව සඳහන් කර තිබුණේ ද හින්දු පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීයී.

එමෙන්ම එක්සත් ජාතික පක්‍ෂයේ අනාගතය සම්බන්ධයෙන් කරුණු දක්වමින් ඔහු පෙන්වා දී ඇත්තේ පක්‍ෂයේ අනාගතය ඉදිරි නායකත්වයකට බාර දිය යුතු බවයි. එසේ වුවද අනාගත නායකයා කවුරුන්ද යන්න පක්‍ෂය විසින් තීරණය කළ යුතු බව ඔහු පෙන්වා දී තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව නායකත්ව මණ්ඩලයක් බිහිකර පක්‍ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු එම මණ්ඩලය යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති බවයි රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දී තිබෙන්නේ.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot