යුරෝපා සංගමයෙන් ලංකාවට තරවටු.
යුරෝපා සංගමයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ සංහිඳියාවට ඇති කැපවීම ක්‍රියාවෙන් ඔප්පුකර පෙන්වීම ශ්‍රී ලංකාව හමුවේ ඇති වගකීමක් බවයි. නීතියේ ආධිපත්‍ය, ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම හා මානව හිමිකම් ආරක්‍ෂා කිරීම යන කාරනාවලට අදාලව ක්‍රියාකාරී සැලැස්මක් හදුන්වාදෙන ලෙසද යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජය වෙත අවධාරණය කර තිබෙනවා. 2015 වසරෙන් පසුව ශ්‍රී ලංකාව එම කාරණාවලින් සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කර ගැනීමට සමත්ව ඇති බවත්, එම වැඩපිළිවෙල ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇතැයි යන්න සිය අපේක්‍ෂාව බවත් යුරෝපා සංගමය නිකුත් කර ඇති වාර්තාවේ දැක්වෙනවා.
එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මිය හමුවී තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි. අමාත්‍යවරයා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ කාර්යාලය, ජාත්‍යන්තර කම්කරු සංවිධානය හා සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය යන ආයතනවල අධ්‍යක්ෂ ජනරාල්වරුන් සහ අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා හමුවීමට ද නියමිතව ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශය පැවැසුවේ.
No comments:
Post a Comment