දෙන්නම් කිව්වට බෑ - ගුරු අරගලය අකුරට.
ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා විධිමත් ක්රියාමාර්ගයක් ගන්නා තුරු අතුරු වැටුපක් ලබාදීමට අදාලව චක්රලේඛයක් නිකුත් නොකරන්නේනම් අකුරට වැඩකිරීම ඇතුළු වෘත්තීය ක්රියාමාර්ග අත්නොහරින බව ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති රජය වෙත අනතුරු අගවනවා. ගුරු හා විදුහල්පති සේවාවන්වල වැටුප් විෂමතා ඉවත් කර, වැටුප් කොමිෂන් සභාවේ නිර්දේශ ලබන අයවැය මඟින් ක්රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළා. මෙම තීරණය සමඟ කිසිසේත්ම එකඟ විය නොහැකි බවයි ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා පැවැසුවේ.
No comments:
Post a Comment