උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

රංජන්ට අදත් ඇප නෑ.


රංජන්ට අදත් ඇප නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා විසින් ඉදිරිපත් කල ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කළා. එමෙන්ම ඔහු ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ. ඒ , විනිසුරුවරුන්ට දුරකථන ඇමතුම් ලබාදෙමින් බලපෑම් කිරීමේ සිද්ධියට අදාළවයි.
මේ අතර රංජන් රාමනායක මන්ත්‍රීවරයා සහ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා යන අය අතර සිදුවූ දුරකථන සංවාද 12ක පිටපත් වහාම ඉදිරිපත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබාදී තිබෙනවා.
එමෙන්ම වැඩ තහනමට ලක්ව සිටින ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්න ලෙස ද නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇති අතර එහි දැක්වෙන්නේ අදාළ කාරනාව සම්බන්ධයෙන් අධිකරණය දැනුවත් කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot