උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 16 February 2020

අලුත් සන්ධානයකට මහින්ද - මෛත්‍රි මුල් වෙයි.

අලුත් සන්ධානයකට මහින්ද - මෛත්‍රි මුල් වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා හා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපතිවරයා අතර තීර්ණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි. ලබන අගහරුවාදා එම සාකච්ඡාව අරලියගහ මන්දිරයේදි පැවැත්වීමට නියමිත බවයි දේශපාලන ආරංචි සඳහන් කළේ. දෙපාර්ශවය නියෝජනය කරමින් කණ්ඩායම් දෙකක් ද එම සාකච්ඡාවට එක්වීමට නියමිතව තිබෙනවා.

දෙපාර්ශවය ඒකාබද්ධව පිහිටුවන සන්ධානය සහ ඒ සඳහා යොදා ගන්නා ලකුණ පිළිබඳත්, දිස්ත්‍රික් මට්ටමින් නාමයෝජනා පිළියෙල කිරීම සම්බන්ධවත් මෙහිදී පුළුල්ව සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නියෝජිතයින්ට ඒකාබද්ධ පෙරමුණේ නාමයෝජනා ලබා ගැනීමේදී ඇති විය හැකි ගැටළු විසදා ගැනිම මෙම සාකච්ඡාවේ තවත් අපේක්‍ෂාවක්.

එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද පොලොන්නරුවේ පැවැති උත්සවයකදී පැවැසුවේ ශක්තිමත් පාර්ලිමේන්තුවක් නොමැතිව ජනාධිපතිවරයෙකුට නිසි පරිදි ක්‍රියාත්මක විය නොහැකි බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot