උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Sunday 16 February 2020

ඔබටත් අංශභාගය වැලදිය හැකියි.

ඔබටත් අංශභාගය වැලදිය හැකියි.

සෑම පුද්ගලයින් 4 දෙනෙකුගෙන් එක් අයකුටම ආඝාතය වැළදීමේ වැඩි ඉඩක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එමෙන්ම රෝහල්ගත කරන ආඝාත රෝගීන්ගෙන් 6% ක් ඉක්මනින් මියයන බවත් තවත් 16% ක් මසක් වැනි කෙටිකාලයක් ඇතුළත මියයන බවත් මෑතකාලිනව සිදුකළ පර්ෂණවලදී අනාවරණ වී ඇති කාරණයක්. එබැවින් වැරදි ජීවනරටාවලින් මිදී සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතා වැදගත් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දෙන්නේ. අදට යෙදී ඇති ජාතික ආඝාත දිනය වෙනුවෙන් නිකුත් කළ වාර්තාවක මේ බව සඳහන් වුණා.

බෝනොවන රෝගයක් වන ආඝාතය හෙවත් අංශභාගය ලොව පුරා සිදුවන මරණවලට සහ ආබාධිත බවට තුඩුදෙන තුන්වන හේතුව ලෙසයි සැලකෙන්නේ. සෑම පුද්ගලයන් හයදෙනකුගෙන් එක් අයකුට ජීවිතයේ එක්වරක් හෝ මේ තත්ත්වයට පත්වීම සිදුවිය හැකි බව පර්යේෂකයින් පෙන්වා දී තිබෙනවා. කොළඹ ජනගහනයෙන් දහසකට නව දෙනෙක් ආඝාත රෝගීන් බවත් මෙරට මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි ආඝාත රෝගීන් පිරිසක් හඳුනාගෙන තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික ආඝාත සංගමය නිකුත් කර ඇති වාර්තාවක දැක්වුණා.

එමෙන්ම ශ්‍රී ලංකාවාසී ජනතාව ආඝාතයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතිනවා. නොදැනුවත්කම, සෘණාත්මක ආකල්ප සහ වැඩි අවධානයක් යොමු නොකිරීම වැනි හේතු රෝගීන් වැඩි වශයෙන් වාර්තාවීමට හේතු වී තිබෙනවා.

ආඝාතයකදී සිදුවන්නේ මොළයේ එක් ප්‍රදේශයකට හදිසියේ රුධිර සැපයුම අඩාල වීමයි. මේ තත්ත්වය තුළ එම ප්‍රදේශයට අවශ්‍ය ඔක්සිජන් සහ අනෙකුත් පෝෂ්‍ය පදාර්ථ අහිමිවීම හේතුවෙන් එම ප්‍රදේශයේ ස්නායු සෛල මිය යාමෙන් ආඝාතය හට ගන්නා බව වෛද්‍ය විද්‍යාවේ සඳහන්. සෛල මිය ගිය පසු මොළයේ එම ප්‍රදේශය මගින් ක්‍රියාකාරී වන අවයව නැවත ප්‍රකෘතිමත් කිරීමට නොහැකි වන සේ අක්‍රිය වන අතර, ආඝාතයට ලක් වූ අයට සදාකාලික ආබාධ ඇතිවන්නේ ඒ හේතුව නිසයි.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot