උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Tuesday 18 February 2020

අලුත් පාර්ලිමේන්තුව මැයි 12 දා.


අලුත් පාර්ලිමේන්තුව මැයි 12 දා.

මහ මැතිවරණයට පැවැත්විය හැකි දින වකවානු සඳහන් ලිපියක් මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා වෙත යොමු කර තිබෙනවා. මහ මැතිවරණය අප්‍රේල් 25 සහ 28  අතර යෙදෙන දිනයක පැවැත්වීම සුදුසු බව එම ලිපියේ සඳහන්. මාර්තු මස දෙවැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත්, මාර්තු 11 සිට 17 දක්වා නාමයෝජනා කැඳවීමටත් නව පාර්ලිමේන්තුව මැයි මස 12 දා කැඳවීමටත් මැතිවරණ කොමිෂන් සභාව යොජනා කර ඇති බවටද තොරතුරු වාර්තා වුණා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී මෙම කරුණු සියල්ල ගැසට් නිවේදනයට ඇතුළත් කළ යුතු වනවා. එබැවින් ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙවැනි දැනුම්දීමක් සිදුකළ බවයි මැතිවරණ කොමිෂම සඳහන් කළේ.  



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot