උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday, 7 February 2020

දික්ඔය නගර සභාවේ මහ කොල්ලයක්.

දික්ඔය නගර සභාවේ මහ කොල්ලයක්.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හැටන් දික්ඔය නගර සභාවේ
ලේකම්වරයාට එරෙහිව මුලික විමර්ෂනයක් ආරම්භ කර ඇති බව
සහකාර පලාත් පාලන කොමසාරිස්වරයා පවසයි.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු ලේකම් සහ හැටන් දික්ඔය නගර සභාවේ වත්මන්
ලේකම් ඒ.සරවනන් මහතා සිදු කලේ යැයි කියන මුදල් වංචාවක් සම්බන්ධයෙන් ලද
පැමිණිල්ලක් මත මුලික විමර්ෂනයක් ආරම්භ කර ඇති බව සහකාර පලාත් පාලන
කොමසාරිස් (නුවරඑලිය) අරුණ විරකොන් මහතා පැවසිය.
2013 වසරේ බගවන්තලාව නගරයේ යොජිත වෙලද සංකිර්ණයේ වෙලදසැල් කිහිපයක්
ටෙන්ඩර්පත් මගින් ලබාගත් වෙලදුන්ගෙන් එම වෙලදසැල්වලට අදාල මුදල් ලේකම්වරයා
විසින් ලබාගෙන එම මුදල් සභාව වෙත නොගෙවා සිටිම නිසා හිග මුදල් අය කර ගැනිමේ
පදනම මත වත්මනයේ එම වෙලද සංකිර්ණය අයිති නොර්වුඩ් ප්‍රාදේශිය සභාව විසින්
එම වෙලදසැල් මුද්‍රා තබා වසා දමා ඇත.
එම වෙලදසැල් හිමියන් විසින් සහකාර පලාත් පාලන කොමසාරිස් වරයාට ලිඛිතව
පැමිණිල්ලක් කරමින් සදහන් කර ඇත්තේ අදාල වෙලදසැල් සදහා අඹගමුව ප්‍රාදේශිය
සභාව වෙත ගෙවිය යුතු මුදල් අදාල ලේකම්වරයා විසින් භාරගත් බවට සභාවේ ලිපි
ශිර්ෂය යටතේ අත්සන් කර ලිපියක්ද භාර දි ඇති බවයි .
ලේකම්වරයා විසින් වෙලදසැල් සදහා ලබා ගත් අදාල මුදල සභාවේ ලිපි ගොනු වල
සදහන් කර නොමැති බවත් ,එ අනුව බගවන්තලාව වෙලද සංකිර්ණයේ තමන්
ටෙන්ඩර්පත් මගින් ලබා ගත් වෙලදසැල් වලට හිග මුදල පොලියද සමග ගෙවන ලෙද
නොර්වුඩ් ප්‍රාදේශිය සභාව මගින් තමන් වෙත ලිඛිතව දැනුම් දි අදාල වෙලදසැල්
මුද්‍රතබා වසා දමා ඇති බවයි වෙලදසැල් හිමියන් සහකාර පලාත් පාලන
කොමසාරිස්වරයාට කර ඇති පැමිණිල්ලේ සදහන් කර ඇත්තේ.
මේ සම්බන්ධයෙන් අප චෝදනා ලබා සිටින එවකට අඹගමුව ප්‍රාදේශිය සභාවේ හිටපු
ලේකම් එ.සරවනන් මහතාගෙන් අපකල විමසුමකට ඔහු කියා සිටියේ තමන් එසේ මුදල්
ලබා ගැනිම වැරදි බවයි.









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot