මූල්‍ය අරමුදල ලංකාව ගැන පසුවිපරමකට සැරසෙයි.
ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මූල්‍ය වැඩසටහන් පිළිබඳ පුළුල් විමසා බැලීමක් සිදුකිරීමට ජාත්‍යත්නර මූල්‍ය අරමුදල තීරණය කර තිබෙනවා. ලබන අප්‍රේල් මාසයෙන් පසුව එවැනි විමසා බැලීමක් සිදු කිරීමට තීරණය කර ඇති බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංනිවේදන අංශයේ අධ්යක්ෂ ගැරී රයිස් මහතා පෙන්වා දී තිබෙන්නේ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක ණය වැඩසටහනේ හත්වන වාරිකය හෙවත් අවසන් වාරිකය මේ වන විට ක්‍රියාත්මක කර ඇති අතර, ඊට අදාලව මෙම විමර්ශණය සිදුකිරීමටයි තීරණය කර තිබෙන්නේ. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ වර්තමාන රජය කැමැත්ත පලකර ඇති බවත් ගැරී රයිස් ප්‍රකාශ කර තිබෙනවා.
No comments:
Post a Comment