එම්සීසී අත්සන් නොකිරීමේ තීරණයක්.
එම්සීසී හෙවත් මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසුවා. ගිවිසුම සංශෝධනය කිරීමට අමෙරිකාව සමග සාකච්ඡා කිරීමටද රජය සූදානම් බවයි ඔහු කියා සිටියේ.
එම්සීසී ගිවිසුම සම්බන්ධයෙන් සළකා බැලීමට පත් කළ කමිටුවේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීරණයට එළඹි බවද ඇමතිවරයා පැවැසුවා.
No comments:
Post a Comment