උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

බෝපත්තලාව කදුකවැටියේ ගින්නක්

බෝපත්තලාව කදුකවැටියේ ගින්නක්

බෝපත්තලාව කදුකවැටියේ ගින්නක් , ගින්න කදු මුදුණ දක්වා පැතිර
යයි.
බෝපත්තලාව කදු වැටියේ ගින්නක් හටගෙන ඇති බව බගවන්තලාව පොලිසිය
පැවසිය.
බෝපත්තලාව රජය ගොවිපලට බටහිර බැවුමේ පිහිටි බෝපත්තලාව
කදුවැටියේ බගවන්තලාව ලින්ස්ටඩ් වතු යායට ඉහලිනුයි (21) දහවල් 12 ට
පමණ ගින්න හටගෙන ඇත්තේ.
බගවන්තලාව ප්‍රදේශයේ සිට බෝපත්තලාව රජයේ ගොවිපොල වෙත
පිවිසමට ඇති අඩි පාරක්ද මෙම කදුවැටිය හරහා පිහිටා ඇත.
එම මාර්ගය ඔස්සේ බෝපත්තලාව රජයේ ගොවිපල දෙසට පිවිස අයෙකු විසින්
මෙම ගිනි තැබිම සිදු කරන්නට ඇති බවට බගවන්තලාව පොලිසිය සැකකරයි.
බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ශාන්ත බණ්ඩාර
මහතා කියා සිටියේ බෝපත්තලාව කදුවැටියේ හටගෙන ඇති ගින්න පාලනය
කිරිමට බගවන්තලාව පොලිසියේ නිලධාරින් පිරිසක් මේ වන විට කදුවැටිය
වෙත යොමු කර ඇති බවයි.
මේ අතර වටවල ෆයිනස් වගා රක්ෂිතයට ගිනි තැබු සැකකරුවෙක් වටල
පොලිසිය මගින් (20) දින පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය
පැවසිය.
සැකකරු විසින් වන වගා රක්ෂිතයට තැබු ගින්න හේතුවෙන් එම රක්ෂිතයේ
විශාල වන වගා කොටසක් ගිනිගෙන විනාශ වි ඇති අතර එම වන වගා
රක්ෂිතය හරහා වටවල පොලිසිය වෙත පානිය ජලය ලබා ගත් ජල නලද
ගින්නෙන් විනාශ වි ඇති බව වටවල පොලිසිය පැවසිය.

සැකකරු හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බවද වටවල
පොලිසිය පැවසිය.









No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot