උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

03 දාට පෙර මැතිසභය විසුරුවන ලකුණු

03 දාට පෙර මැතිසභය විසුරුවන ලකුණු

එළඹෙන මාර්තු මස 3 වැනිදාට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇති බවට මේ වනවිට තොරතුරු වාර්තා වනවා. ඊයේ දිනයේදීද පාර්ලිමේන්තුව රැස්වූ අතර, එහිදී සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා ලබන මස 3 වැනිදා දක්වා පාර්ලිමේන්තුව කල් තැබීමට තීරණය කළා.

ඊයේ පාර්ලිමේන්තු සභා වාරයෙන් අනතුරුව පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් කතාබහ කරමින් සතුටු සාමිචියේ යෙදුණු බවයි අප පාර්ලිමේන්තු වාර්තාකරු කියා සිටියේ. යම් හෙයකින් ව්‍යවස්ථානුකූලව ජනාධිපතිවරයාට ලැබෙන බලතල අනුව ලබන මාර්තු මස 3 වැනිදාට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් ඔවුන් එකිනෙකා මුණගැසුණු අවසන් අවස්ථාව එය වනවා.

ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේදී ජනතාවගේ මනාපය මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන ඇතැම් පිරිස් හට ඉන් ඉවත් වීමට සිදුවන අතර, තවත් නවකයන් පිරිසක් පාර්ලිමේන්තුවට තේරීපත්වනු ඇති.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot