උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

උදයංගගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි.

උදයංගගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි.


රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තා.

මිග් යනා ගනුදෙනුව සම්බන්ධයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග පිට, ඔහු ජාත්‍යන්තර පොලිසියේ රතු වරෙන්තු ලබා සිටි අයෙක්.

මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව සඳහන්.

හිටපු තානාපති උදයංග වීරතුංග මහතා අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

අධිකරණය මඟහැර සිටි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසර කිහිපයකට පෙර වරෙන්තු පවා නිකුත් කර තිබුණා.

මීට පෙර 2018 වසරේ පෙබරවාරි 04 වැනිදා ඩුබායි ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට ගත්තා.

නමුත් ඩුබායි බලධාරීන් ඔහු මුදාහැර තිබුණේ ශ්‍රීලංකාවට භාරදීමට අවශ්‍ය නිත්‍යානුකූල ලියකියවිලි තමන්ට ලැබී නොමැති වීම හේතුවෙන්.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot