උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ගාලු වරාය ආසන්න මුහුදේ නෞකාවක් තුළ නීති විරෝධී ලෙස ගිනි අවි 816 ක් සහ උණ්ඩ 202395 ක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන්ව ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන චෝදනා 882 කින් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලල තීන්දු කළා.

 ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක්  විසින් මෙම නියෝගය කළා.

ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7573 ක් යටතේ  මීට පෙර කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබුණි.

එම චෝදනා ගොනු කර තිබෙන ආකාරය නීතියට පටහැනි බව සඳහන් කරමින් විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගත් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නීතිපතිවරයා විසින් ගොනු කළ චෝදනා 7573 ක් අතුරින් පවත්වාගෙන යා හැක්කේ චෝදනා 19 ක් පමණක් බව පෙන්වා දෙමින් එම නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් පස්දෙනෙකු නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

ඒ අනුව නීතිපතිවරයා විසින් නඩුවේ ඉතිරිව සිටින ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු සෙසු විත්තිකරුවන් අට දෙනෙකුට එරෙහිව චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රයක් නීතිපතිවරයා විසින් ඉකුත් 21 වනදා කොළඹ මහාධිකරණය හමුවේ ගොනුකරන ලදී.

ඉකුත් නඩු දිනයේ එම සංශෝධිත චෝදනා පත්‍රයට විරෝධතා ඉදිරිපත් කළ විත්තිකාර නිශ්ශංක සේනාධිපති මහතා ඇතුළු විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙන මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය මුළුමනින්ම නීතියට පටහැනි බව පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙම නඩුවෙන් දැනට නිදහස් කර තිබෙන විත්තිකරුවන් ද නඩුවට යළි එක් කරගැනීමට නීතිපතිවරයා විසින් කරන ඉල්ලීම ද මුළුමනින්ම නීතියට  පටහැනි බවයි විත්තියේ නීතිඥවරයා තර්ක කර සිටියේ.

ඒ අනුව මෙම මූලික විරෝධතාව අදාළ තීන්දුව අද ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා 882 ගෙන් යුත් සංශෝධිත අධිචෝදනා පත්‍රය නීතියට පටහැනි බව සඳහන් කළහ .

මෙම චෝදනා පත්‍රය තුළින් දැනට නිදහස් කර තිබෙන විත්තිකරුවන් ද අලුතින් එක් කරගෙන තිබෙන බවත් එම තත්ත්වයද නීතියට පටහැනි බවයි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේ.

ඒ අනුව අදාළ සංශෝධිත අධිචෝදනා පත්‍රය බාර නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ද ත්‍රිපුද්ගල විනිසුරුමඩුල්ල තීන්දු කළේය.

ඉන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව දැනට පවතින තවත් චෝදනා 19 කට අදාළ විභාගය මැයි මස 4 වනදා පවත්වන බවද විනිසුරු මඩුල්ල තීරණය කළහ.

2012 වසරේ ගාලු වරායට ආසන්න බේරුවල මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ බලපත්‍ර නොමැතිව නීතිවිරෝධී ලෙස ගිනිඅවි 816 ක් සහ උණ්ඩ 203395 ක් සන්තකයේ තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින්  චෝදනා 882 කින් යුත් මෙම සංශෝධිත අධිචෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot