උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

රාවණා මවා පෙන්නූ මිරැන්ඩෝ අවසන් ගමන් යයි.

රාවණා මවා පෙන්නූ මිරැන්ඩෝ අවසන් ගමන් යයි.

රාවණා ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මකව ලිපි හා පොත්
පත් රැසක් මෙරටට දායාද කළ ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර
මහතා 19 දින භාවප්‍රාප්ත වී ඇති අතර,ඔහුගේ දේහය පිළිබඳ
අවසාන කටයුතු 21 දින මාතලේ ගලේවෙල ආදාහනාගාරයේදී
සිදුකිරිමට නියමිත බව පවුලේ ඥාතීහු පවසති.
1940 වසරේ මස 31 වන දින බලන්ගොඩ රාස්සගල ප්‍රදේශයේදී
තිලක් රවීන්ද්‍රනාත් මිරැන්ඩෝ ඔබේසේකර නම් වූ පුද්ගලයා
මෙලොව එළිය දැක තිබේ.
රාස්සගල කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ
මිරැන්ඩෝ ඔබේසේකරයන් පසුව කොළඹ ආනන්ද විද්‍යාලයට
ඇතුලත්ව උසස් අධ්‍යාපනය ලබා ඇති අතර විශ්ව විද්‍යාල
කිහිපයක සහ විදේශීය විශ්ව විද්‍යාලයක ආචාර්ය උපාධිය
ලබා මෙරට ඉතිහාසය පිළිබඳව ගවේෂණාත්මක පර්යේෂණ
ග්‍රන්ථ කතුවරයකු ලෙස බොහෝදෙනාගේ ජනාදරයට පත් වූහ.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් විසින් පුවත්පත් සහ පොත්
පත් වල විශාල වශයෙන් මෙරට රාජ නාමාවලිය කුල භේද
තත්ත්වය පාරම්පරික ගති පැවතුම් සිරිත් විරිත් නම් පෙළපත්
ආදී ගවේෂණාත්මක තොරතුරු රැසක් මෙරටට සම්පාදනය කළ
කතුවරයෙකි.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් මෙරට පමණක් නොව
විදේශීය රටවල ද සිංහල ඉංග්‍රීසි කතුවරයකු ලෙස ප්‍රසිද්ධියට
ජනාදරයට පත්ව ඇත්තේ ඔහු විසින් සම්පාදනය කරන ලද
රාවණා පිළිබඳව තොරතුරු නිසාවෙනි. රාවණා පිළිබඳව
ලිපියක් ලියන ඕනෑම අයෙකු උසස් අධ්‍යාපනය හදාරන සිසු
සිසුවියන් මෙන්ම බොහෝ දෙනෙකු ආචාර්ය මිරැන්ඩෝ
ඔබේසේකරයන්ගේ පොතපත පරිශීලනය කරන්නට වූහ.

එමෙන්ම මිරැන්ඩෝ ඔබේසේකරයන් පදිංචිව සිටී මාතලේ
මාදිපොල තලකිරියාගම ප්‍රදේශයේ නිවසට විශ්වවිද්‍යාල සිසු
සිසුවියන් සහ ඉතිහාස ගවේශකයෝ නිතර නිතර පැමිණ ඔහු
සමඟ සාකච්ඡා පැවැත්වීමද විශේෂත්වයකි.
සීගිරිය කාශ්යප රජු නිර්මාණය කළ එකක් නොව වීශ්‍රවමුනි
නම් වූ රාවණා රජුගේ පියා විසින් නිර්මාණය කළ එකක් බව
ඔහු මෑත කාලයේ රට පුරා ආන්දෝලනාත්මක හෙලිදරව්වක්
කිරීමද බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් ගේ බිරිඳ වාසල
මුදියන්සේලාගේ ඇස් වෙදගෙදර ටිකිරි කුමාරිහාමි මහත්මිය සිය
සැමියාගේ දේහය ඉදිරිපිට සිට කියා සිටියේ තම සැමියා
ගවේෂණාත්මක ලිපි කලාවට පුවත්පත් කලාවට සහ පොත පත
ලිවීමට සුවිශාල වූ දක්ෂකම් පෑ අයෙකු බවය එමෙන්ම තම
පොතපත හා දැනුම වෙනත් අය අතරේ බෙදා දීම සඳහා කිසිදු
මිල මුදලක් අය නොකොට දැනුම බෙදාදීම සිදු කළ බවද ඇය
කියා සිටියාය මෙන්ම රාවණා පිළිබඳව තොරතුරු ගවේෂණය
කිරීම සඳහා මෙරට බොහෝ ප්‍රදේශවල පයින් ගමන් කිරීම
ගැනද ඇය අතීතය අපි ඉදිරියේ සිහිපත් කළාය.
ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකරයන් දරුවන් තිදෙනෙකුගේ
පියෙකි. ඔහුගේ දේහය මේ වන විට මාදිපොල තලකිරියාව
නිවසේ තැන්පත් කොට තිබේ අවසන් කටයුතු 21 සවස දෙකට
මාතලේ වාලවෙල ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතව තිබේ.







No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot