උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

හෝමාගම දිසා විනිසුරුවරයාට 16 වසරක සිර දඩුවම්.

හෝමාගම දිසා විනිසුරුවරයාට 16 වසරක සිර දඩුවම්.

රුපියල් ලක්ෂ 3 ක අල්ලසක් ලබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවලට වරදකරු කෙරුණු හිටපු හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයාට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 16 ක සිරදඬුවම් නියම කළා.

ඊට අමතරව විත්තිකරුවන්ට රුපියල් 20000/- බැගින් දඩ ද නියම කෙරුණු අතර එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබූවොත් එක් වසරක බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම කරන බව ද තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළා.

ඊට අමතරව අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් ලක්ෂ තුනක මුදල දණ්ඩනයක් වශයෙන් ගෙවිය යුතු බවට ද අධිකරණය විසින් විත්තිකරුවන්ට නියෝග කරන ලදී.

2013 වසරේ මැයි මස 27 වැනිදා සහ 05 වනදා අතර කාලසීමාව තුල හංවැල්ල, ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචි දීපිකා ශ්‍යාමලී නැමැති කාන්තාවක් විසින් හෝමාගම දිසා අධිකරණය හමුවේ පවරා ඇති නඩුව වගඋත්තරකාර පාර්ශවයට පක්ෂග්‍රාහීව තීන්දුව ලබාදීම සඳහා රුපියල් ලක්ෂ තුනක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලීම සහ ඊට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් චෝදනා හතරක් යටතේ හිටපු දිසාවිනිසුරු සුනිල් අබේසිංහ සහ ඔහුගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි යන අයට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබුණා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බව සඳහන් කළා.

ඒ අනුව  බරපතළ වැඩ සහිතව වසර 16 ක සිරදඬුවම්  විත්තිකරුවන්ට නියම කරන බව ද නඩු තීන්දුවේ සඳහන් වුණා.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot