උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

සජීත්ට මද්දුමට විනය පරීක්‍ෂණ.

සජීත්ට මද්දුමට විනය පරීක්‍ෂණ.

සමගි ජාතික බලවේගය පක්ෂය මැතිවරණ කොමිෂන් සභාව පිළිගැනීම නිසා එහි තනතුරුලාභී එක්සත් ජාතික පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට එක්සත් ජාතික පක්ෂ නායකත්වය තීරණය කර ඇති බව වාර්තා වනවා.

ජාතික සමගි බලවේගය පක්ෂයේ සභාපති ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර යන මහත්වරුන් මැතිවරණ කොමිෂන් සභාව විසින් පිළිගෙන තිබෙනවා.

පක්ෂ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයට සහ පළාත් සභා මැතිවරණයට හැර මහ මැතිවරණ සඳහා පක්ෂ සලකුණ වන අලියා ලකුණෙන් ඉදිරිපත් විය යුතු බව සඳහන්ව ඇති බව පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියා.

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී පක්ෂ නායකත්වයද මේ සම්බන්ධයෙන් සියලු සාමාජිකයන්ට පෙන්වා දුන් බවයි මහලේකම්වරයා ප්‍රකාශ කළේ.

මේ අතර, සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් බිහි වන නව සන්ධානයේ සළකුණ ලෙස අලියා ලකුණ ලබාදෙන්නැයි විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා නැවත ඉල්ලීමක් කළා.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot