උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 12 February 2020

පොෟද්ගලික අංශයටත් තැපැල් ඡන්දය

පොෟද්ගලික අංශයටත් තැපැල් ඡන්දය 


ඉදිරි මැතිවරණයකදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පෞද්ගලික අංශයේ සේවකයින්ටත් ලබාදෙන ලෙස මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානය ඉල්ලීමක් කරනවා.

ජනාධිපතිවරණයකට සාපේක්ෂව ගත් කළ මහ මැතිවරණල පළාත් සභා, සහ ප්‍රාදේශිය සභා මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අඩු උනන්දුවක් ජනතාව තුළ පවතින බැවින් අගනුවර හෝ වෙනත් ප්‍රධාන නගර ආශ්‍රිතව පුද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවාවල නිරතවන්නන් ආදී පිරිස් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සිය ගම්බිම්වලට යාමට මැලිකමක් දක්වන බව එම ලිපියේ දැක්වෙනවා.

පොෟද්ගලික අංශයටත් තැපැල් ඡන්දය ?මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පුද්ගලික අංශයේ සේවකයින්ට අදාල ඡන්ද මධ්‍යස්ථානයට ඇති දුර සලකා බලමින් ඒ අනුව ඔවුන් වෙත නිවාඩු ලබා දෙන ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මකයි.

නමුත් ඇතැම් දුර බැහැර පදිංචිකරුවන්ට ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පමණක් මුදල් වැය කරමින් පැමිණ යළි එසැනින් ආපසු යාම යනාදී කරුණු බරපතල ගැටළු සහගත තත්වයක් නිර්මාණය කර ඇති බවයි එම ලිපියේ සඳහන් වන්නේ.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot