උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

මව වැලන්ටයින් සමරද්දී අවුරුදු පහක දියණිය රිය අනතුරකින් ජීවිතක්ෂයට

මව වැලන්ටයින් සමරද්දී අවුරුදු පහක දියණිය රිය අනතුරකින් ජීවිතක්ෂයට

වැල්ලවාය ඌව කුඩාඔය පොලිස් බල ප්‍රදේශයේ කුඩාඔය පොලිසිය ආසන්න ප්‍රදේශයේ දී
ඊයේ (14) පස්වරුවේ දී සිදු වූ අනතුරකින් වයස අවුරුදු හතරයි මාස පහක දරුවෙකු
ජීවිතක්ෂයට පත් වී තිබේ.
ප්‍රධාන මාර්ගය අසල සෙල්ලම් කරමින් සිටි දරුවෙකු මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇති
අතර සෙල්ලම් කරමින් සිටි දරුවා එක් වරම මාර්ගය හරහා මාරු වීමට ගොස් ඇත.
එම අවස්ථාවේ දී මාර්ගයේ පැමිණි මෝටර් රථයක දරුවා ගැටී ඇති අතර පසුව එම
දරුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළුත් කර තිබේ.
ඒ වන විටත් දරුවා ජීවිතක්ෂයට පත් වී තිබී ඇති අතර මෙසේ මියගොස් ඇත්තේ
හල්මිල්ල වැව,තිස් හය කනුව,ඌව කුඩාඔය ලිපිනයේ පදිංචි වයස අවුරුදු හතරයි මාස
පහක් වන කේ.බී වෙනුදි ප්‍රාර්ථනා නැමැති දරුවෙකු බව කුඩාඔය පොලිසිය පැවසීය.
දරුවාගේ මව ඊයේ දින පෙම්වතුන්ගේ දිනය වෙනුවෙන් ඒ වෙනුවෙන් අසල නිවසක
රූපවාහිනී නරඹමින් සිට ඇත.
එම අවස්ථාවේ දී මව දරුවා පිළිබඳ කිසිදු අවදානයක් යොමු කර නොමැති බවත් එම
නිසා මෙම අවාසනාවන්ත සිද්ධිය සිදු වූ නවත් සිද්ධිය දුටුවන් පවසති.
පශ්චාත් මරන පරීක්ෂණය අද (15) සිදු කිරීමට නියමිත අතර අනතුර සම්බන්ධයෙන්
ඉදිරි විමර්ශන ඌව කුඩාඔය පොලිසිය විසින් සිදු කරයි.








No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot