උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

එජාපෙට 35 යි - පොහොට්ටුවට 150 යි - එස්බීගේ ගණන් හැදිල්ල.

එජාපෙට 35 යි - පොහොට්ටුවට 150 යි - එස්බීගේ ගණන් හැදිල්ල.

මහ මැතිවරණයේදි පොදු ජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක්
ලබාගෙන මන්ත්‍රිවරුන් 150 දක්වා ලබා ගනිද්දි , එක්සත් ජාතික
පක්ෂය ලක්ෂ 35 ජන්ද ප්‍රමණයක් ලබාගෙන අන්ත පරාජයක් ලබන
බව රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂය අද කණ්ඩායම් හතරකට බෙදි ඇති බවත්, එම අය
මතුපිටින් එකතු වි ඇති බව පෙන්නුම් කිරිමට උත්සහ කලද ඔහුන් එකට එක් වි
නොමැති බව ඉඩම් සහ ඉඩම් සංවර්ධන රාජ්‍යය අමාත්‍යය එස්.බි.දිසානායක
මහතා පැවසිය.
එස්.බි.දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ (15) දින හැටන්
නගර සභා ශාලාවේ පැවති පාක්ෂික හමුවකින් අනතුරුව මාධ්‍යයට අදහස්
දක්වමිණි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස් .බි.දිසානායක රාජ්‍යය අමාත්‍යවරයා
කියා සිටියේ ඉදිරියේදි පැවැත්වෙන මහ මැතිවරණයේදි ශ්‍රි ලංකා පොදු ජන
පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගෙන මන්ත්‍රිවරුන් 150ක් දිනා
ගන්නිද්දි එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදි ලබා ගත් ජන්ද
ප්‍රතිශතයට වඩා අඩු ජන්ද ප්‍රතිශතයක් ලබාගෙන අන්ත පරාජයක්
ලබාගන්නා බවත්, එක්සත් ජාතික පක්ෂයේ අය අද තරග කරන්නේ නයි
පොලොන්ගු වගේ බවත් ,ඔහුන් අතර මේ වන විට විශාල අභ්‍යන්තර
ගැටළුවක් පවතින බවයි රාජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේ.
මහ මැතිවරණයෙන් පසුව මැතිවරණ ක්‍රමය වෙනස් කර සැම ආසනයකටම
මන්ත්‍රිවරයෙකු සිටින ආකාරයට මැතිවරණ ක්‍රමය වෙනස් කරන බවත්,
අමාත්‍යවරයා පැවසිය.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot