උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 29 February 2020

උපාධිධාරීන්ට පත්වීම් - විස්තර දැන ගන්න.



උපාධිධාරීන්ට පත්වීම් - විස්තර දැන ගන්න.

උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ ඔවුන් වෙත පත් වීම් ලිපි ප්‍රදානය  කිරීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින්, දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්‍ෂණය මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පැවැසුවා. එමෙන්ම දිස්ත්‍රික් මට්ටමින් විවිධ සංවර්ධන ක්‍රියාධාමයන්ට අදාල රාජකාරී සඳහා ඔවුන් අනියුක්ත කිරීම සිදු කරන්නේද දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ තීරණයට අනුවයි.

රාජ්‍ය අංශයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ පත්වීම් ලිපි නිකුත් කිරීම ජනාධිපති ලේකම්කාර්යාලය විසින් පසුගියදා ආරම්භ කළා. පත්වීම් ලිපිවල පිටපත් දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත යොමු කිරීමටද මේ වන විට පියවර ගෙන අවසන්. මාර්තු 01 සිට 2021 වසරේ මාර්තු 01 දක්වා වසරක පුහුණු කාලයකට යටත්ව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිතයි.


පුහුණු කාලය තුළ රුපියල් 20000 ක දීමනාවක් ලබාදෙන අතර, පුහුණුව අවසානයේ රාජ්‍ය සේවය ඵලදායී හා කාර්යක්ෂම කිරීම සඳහා ඔවුන්ට ස්ථිර පත්වීම් ප්‍රදානය කරන බවයි රජය පවසන්නේ.  එමෙන්ම පත්වීම ලැබෙන ස්ථානයේ පස් වසරක කාලයක් සේවය කළ යුතු බවට නියමයන් පනවා තිබෙනවා. මෙම රැකියා වැඩපිළිවෙල යටතේ රැකියා විරහිත උපාධිධාරීන්  පනස් දහසකට පමණ පත්වීම් ලබාදීමට නියමිතයි. 




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot