උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday, 29 February 2020

භූගත ජලය බින්දුවට බහියි - උනුසුමේ අනතුර මැයි දක්වා.


භූගත ජලය බින්දුවට බහියි - උනුසුමේ අනතුර මැයි දක්වා.

අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය ඉදිරි දිනවලදී  තවත් උත්සන්න විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.  නිරිතදිග මෝසම ලැබෙන තුරුම උණුසුම් තත්ත්වය අඩු වැඩි වශයෙන් පැවැතිය හැකියි. පරිසරයේ වියළි ස්වභාවය වැඩි වී ඇති බවත්, පසුගිය වසරේ අගෝස්තු සිට නොවැම්බර් වනතුරුම වැසි ඇතිවුවද, මේ වන විට වැව් සහ ජලාශවල ජල මට්ටම සීග්‍ර ලෙස පහත වැටී ඇති බවත් කාලගුණ දෙපාර්තමේන්තුව සඳමන් කළා. මෙරට භූමියේ භූගත ජල මට්ටම ක්‍රමයෙන් අඩුවී යන බව මේ වන විට අනාවරණ වී ඇති තවත් කාරණයක්.  පොළොවට ජලය උරා ගැනීමේ ප්‍රතිශතය අඩුවී තිබීම මෙයට හේතුවයි. භූමිය කොන්ක්‍රීට් හා විවිධ සැරසිලිවලින් වැසී තිබීමද මෙම තත්ත්වය ඇති වීමට ප්‍රධාන වශයෙන් හේතු  වී තිබෙනවා.

කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ අධීක උණුසුම් කාලගුණ තත්ත්වය මැයි මාසය දක්වාම පැවැතිය හැකි බවයි.

මෙම තත්ත්වය තුළ දිනපතා ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් පැය භාගෙන් භාගෙට ජලය පානය කිරීම පුරුද්දක් කර ගැනීම ඉතා වැදගත් බවත් සෞඛ්‍ය අමාත්‍යංශය ජනතාවට උපදෙස් ලබාදෙනවා. කුඩා දරුවන් වැඩිහිටන් හා රෝගීන් විජලනය වීමෙන් වලක්වා ගැනීමට වඩාත් උනන්දුවීම ඉතා වැදගත් බවද සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.





No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot