ග්ලියිෆොසෙට් ගබඩාවක් වටලයි
තහනම්කර ඇති ග්ලයිෆොසෙට් රසායනික ද්‍රව්‍ය තැන්පත්කර තිබූ විශාල ප්‍රමාණයේ ගබඩාවක් රාජගිරිය ගොතටුව ප්‍රෙද්ශයෙන් හමුවී තිබේ.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාසය විසින් සිදුකළ වැටළිමකදී මෙම ගබඩාව සොයාගත් අතර එය මෙතෙක් හමුවූ විශාලතම ග්ලයිෆොසෙට් තොගය ලෙස සැලකෙයි.
බස්නාහිර පළාත් පොලිස් බුද්ධි කොට්ඨාෂයට ලද තොරතුරකට අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පාරිබෝගික අධිකාරියේ නිලධාරීන් විසින් රාජගිරිය ගොතටුව ප්‍රෙද්ශයේ පිහිටා තිබූ රසායනික ද්‍රව්‍ය ගබඩාවක් වටළනු ලැබුවේය.
එහිදී මෙරට තුළ භාවිතය තහනම්කර ඇති ග්ලයිෆොසෙට් තොගයක් සහ රූපලාවන්‍ය ආලේපන,පෙති වර්ග කිහිපයක් හමුවී තිබේ.
අදාල ග්ලයිෆොසෙට් තොගය ඉන්දියාවේ සිට නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා තිබුණි.
පොලීසිය පැවසුවේ මෙම ග්ලයිෆොසට් තොගය මෙරටින් හමුවූ විශාලතම ග්ලයිෆොසට් තොගය බවයි.
No comments:
Post a Comment