උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

මද්දට හසු වූ දිවියා

මද්දට හසු වූ දිවියා

දඩයම්කරුවෙකුගේ උගුලකට හසු වු කදුකර කොටියෙකුගේ දිවි ගලවා
ගැනිමට වන ජිවි නිලධාරින් සමත්වෙයි.
දඩයම්කරුවෙකු විසින් අටවා තිබු උගුලකට හසු වි සිටි හොදින් වැඩුණු කදුකර
කොටියෙකුගේ දිවි ගලවා ගැනිමට හැකි වු බව නල්ලතන්නිය වනජිවි
කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා
පැවසිය.
මස්කෙලිය පොලිස් වසමට අයත් බ්‍රවුන්ලෝ තේ වත්තේ වගා බිමක අටවා තිබු
උගුලකට (13) දින රාත්‍රි කොටියෙකු හසු වි සිටින බවට නල්ලතන්නිය වනජිවි
කාර්යයාලයට ලද තොරතුරක් මත නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ
නිලධාරින් එම ස්ථානයට ගොස් නිරික්ෂණය කිරිමේදි කොටියාගේ උදරය
උගුලට හසු වි ඇති බව වටහාගත් වනජිවි කාර්යයාලයේ නිලධාරින් කොටියා
මුදා ගැනිමට කොටියා නිර්වින්දනය කල යුතු නිසා රන්දෙණිගල පශු වෛද්‍යය
කාර්යයාලයේ නිර්වින්දන පශු වෛද්‍යවරයාගේ සහය ලබාගෙන උගුලට හසු වි
සිටි කොටියා මුදා ගත් බවයි ප්‍රභාෂ් කරුණාතිලක මහතා කියා සිටියේ.
ශ්‍රි ලංකාවට පමණක් ආවේනික වු වදවිමේ තර්ජනයට ලක් වි ඇති උගුලට හසු
වි සිටි කදුකර කොටියා අවුරුදු හතක් පමණ වයසැති හොදින් වැඩුණු පිරිමි
සතෙකු බවත්, උගුලට හසු වි සිටි කොටියා බරපතල ලෙස තුවාල ලබා සිටි
නිසා කොටියාට ප්‍රතිකාර ලබා දිම සදහා පශු වෛද්‍යයවරයා කොටියාව
රන්දෙණිගල පශු වෛද්‍යය රෝහල වෙත රැගෙන ගිය බවයි ප්‍රභාෂ්
කරුණාතිලක මහතා කියා සිටියේ.
කොටියාට මන්ද ඇටවු සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට කටයුතු
කරන බව ප්‍රභාෂ් කරුණාතිලක මහතා වැඩි දුරටත් කියා සිටියා.








No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot