උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ තරුණයෙකු කටුනායක දී අත් අඩංගුවට .

 
ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ තරුණයෙකු කටුනායක දී අත් අඩංගුවට .

                කූඨ ලේඛන ඉදිරිපත් කර , ඉතාලිය හරහා පෘතුගාලයට පැන යාමට තැත් කළ , ශ්‍රී ලාංකික තරුණයෙකු 2/14 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

                මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි තරුණයෙකි .

             ඔහු 2/14 දින අලුයම 3.10 ට කටාර්  ගුවන් සේවයේ කිව්.ආර්.- 663 දරන ගුවන් යානයට , ඉතාලිය හරහා පෘතුගාලය වෙත පිටත්ව යෑම සදහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

                ඔහු මුලින්ම ඉතාලියේ මල්පෙන්සා නුවර බලා පිටත්ව යෑම සදහා ගුවන් සේවා කටයුතු නිශ්කාශනය කර ගෙන , ගුවන් තොටුපළ විගමන අංශය වෙත පැමිණ තිබේ .

              එහිදී ඔහු ඉදිරිපත් කළ පෘතුගාල වීසා බලපත්‍රය , ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නොවන අයුරින් සකස් කළ , ව්‍යාජ එකක් බව එහි සේවය කළ නිලධාරීන්ට අවබෝධ විය .

              එම නිලධාරීන් වහාම මෙම තරුණයා ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා වෙත ඉදිරිපත් කළ , එහිදී මොහු ඉදිරිපත් කළ වීසා බලපත්‍රය , ගුවන් තොටුපළ දේශසීමා ආවේක්ෂණ ඒකකය යොමු කිරීමට පියවර ගැනුනි .

              එහිදී මෙම වීසා බලපත්‍රය තාක්ෂණික වශයෙන් ව්‍යාජ ලෙස සකස් කළ කූඨ ලියවිල්ලක් බව තහවුරු විය .

             ඉන්පසුව මෙම තරුණයාගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කළ අතර , එහිදී පෘතුගාලයේ සිටින තම ඉන්දීය ජාතික මිතුරෙකු , තමාට එරටට පැමිණීම සදහා උදව් කරන බව පැවසීය.

              පසුව මෙම තරුණයා අත් අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් හට භාර දීමට පියවර ගෙන තිබේ .

              කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන සහකාර පාළක සුජීව රත්නායක මහතාගේ උපදෙස් මත , ප්‍රධාන ආගමන විගමන නිලධාරී එස්.පී.
රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ ,
ආගමන විගමන නිලධාරීන් වන ජී.වී.ජී.
මධුෂාන් සහ ඩී.ඒ.ඩී.පී.ඔහාන් යන මහත්වරුන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කළහ .




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot