උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Wednesday 5 February 2020

ජනපතිගෙන් ප්‍රතිඥා ...

අර්ථවත් ප්‍රජාතන්ත්‍රවාදය සමග ආර්ථික නිදහස,
ත්‍රස්තවාදයට මගපාදන අන්තවාදී සංවිධානවලට කිසිදු
ඉඩක් නැහැ

ජනපතිගෙන් ප්‍රතිඥා ...

 මතයක් දැරීමට, පළ කිරීමට, සිතීමට සහ ලිවීමට පූර්ණ නිදහස

 ජනතාව මත පනවා ඇති අනවශ්‍ය තහංචි ඉවතට ...

 ජීවත්විමේ නිදහස උදෙසා ආර්ථික ගැටලුවලට පිළියම් ...

 ලෝක ආර්ථික ප්‍රවණතා සමග රට ඉදිරියට ...

සුරක්ෂිත ජීවිතයකට, ස්වාධීන මතයක් දැරීමට සහ පළ කිරීමට හා නිදහසේ සිතීමට සියලුදෙනාට ඇති
අයිතිය සුරකින අතර, ත්‍රස්තවාදයට මග පාදන අන්තවාදී සංවිධානවලට කිසිදු ඉඩක් නොදෙන බව
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.
අද ( 04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර භූමියේ පැවති 72 වන ජාතික නිදහස් දින උළෙලේ දී
ජාතිය අමතා කථා කළ ජනාධිපතිතුමා තමා සියලු ජනතාවගේ රාජ්‍ය නායකයා බවත්, ඔවුන්ගේ සුබ
සිද්ධිය වෙනුවෙන් උපරිමයෙන් කැපවී සේවය කිරීමට සූදානම් බවත් පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය නිසි අයුරින් ක්‍රියාත්මක කිරීම පිණිස තුලනය කළයුතු ක්ෂේත්‍ර ගණනාවක්
ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. “විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර බල
තුලනය ඉතාම වැදගත්. බලය බෙදාහැරීමේ දී මධ්‍යම රජයේ සහ විමධ්‍යගත වගකීම් ගැන නිරවුල්
එකඟතාවක් තිබිය යුතුයි. පුරවැසියන්ට පෞද්ගලික අයිතිවාසිකම් මෙන්ම සාමුහික අයිතිවාසිකම් ද ඇති
බව අමතක කළ යුතු නැහැ” ජනාධිපති රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේ ය.
සෑම පුරවැසියෙකුටම සම අයිතිවාසිකම් හිමිවිය යුතු වුවද අදත් අපේ ජන සමාජයේ විශාල ඇති නැති
පරතරයක් පවතින බව ජනාධිපතිතුමා සඳහන් කළේය. නගරවල ඇති පහසුකම් ගම්වල නැත.
අධ්‍යාපන පහසුකම් සෑම ප්‍රදේශයකම සමාන නොවේ. සෞඛ්‍ය පහසුකම් සහ රැකියා ඉඩ ප්‍රස්ථා
ද එසේය. ඊට පිළියම ආර්ථික ගැටලු විසඳීම බව ජනාධිපති රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය.
“ත්‍රස්තවාදීන්, අන්තවාදීන්, සොර සතුරන්, මැරයන්, කප්පම්කරුවන්, කාන්තා හා ළමා
හිංසකයන්ගෙන් ජන ජිවිතයට බලපෑමක් වන්නේ නම් රටේ සැබෑ නිදහසක් නැත. රට පුරා පැතිර
තිබෙන මත්ද්‍රව්‍ය උවදුරෙන් දරුවන් මුදාගන්නා තුරු මව්පියන්ට නිදහසක් නැත. රාජ්‍ය ආයතන තුළ
දූෂණය, වංචාව තිබෙන තුරු මහජනතාවට නිදහසක් නැත”. එබැවින් ජන ජිවිතයට බලපාන සියලු
සමාජ උවදුරු තුරන් කිරිමට නීතිය තදින් ක්‍රියාත්මක කරන බව කී ජනාධිපතිතුමා ඒ සදහා ආරක්ෂක
අංශ දැනටමත් සක්‍රීය කිරීමට පියවර ගෙන ඇතැයි කීය.
විරුද්ධ මත ඉවසීමට මගේ රජය හැමවිටම සූදානම්. සමාජ මාධ්‍ය ප්‍රජාතන්ත්‍රවාදයට නව
අභියෝග එල්ල කරමින් සිටී. මත ප්‍රචාරයේ දි හෘද සාක්ෂියට එකඟව ක්‍රියාකරන්නැයි
ජනාධිපතිතුමා සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

සෑම ශ්‍රී ලාංකික පුරවැසියෙකුටම තමන් තෝරාගන්නා ජනතා නියෝජිතන් මගින් දේශපාලන
ක්‍රියාවලියට හා රාජ්‍ය පාලනයට සම්බන්ධවීමේ ඇති අයිතිය සැමවිට ආරක්ෂා කරන බව
ජනාධිපතිතුමා අවධාරණය කළේය.
නිසි අධ්‍යයනයකින් හෝ සම්බන්ධීකරණයකින් හෝ තොරව පනවා ඇති නීති රීති හා රෙගුලාසි
ජනතාවට විශාල හිරිහැරයක් වී තිබේ. එය විවිධ අක්‍රමිකතා හා දූෂණවලට මග පාදයි. ජන
ජීවිතයට අහිමිවන කාලය, සම්පත් හා ජීවනෝපාය ද අධිකය. එහෙයින් නිදහසේ ස්වයංරැකියාවක්,
පාරම්පරික කර්මාන්තයක්, ව්‍යාපාරයක් කිරීමට බාධා පමුණුවන යල් පැණ ගිය නීති රීති
රෙගුලාසි, බදු හා ගාස්තු කඩිනමින් සංශෝධනය කරන බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.
කාර්යක්ෂම හා පිරිසිදු රාජ්‍ය සේවයක් රටක සංවර්ධනයට අත්‍යාවශ්‍ය සාධකයකි. ජනතාවට
නිදහසේ උපරිම ප්‍රයෝජන ලබාදීමට නම් රාජ්‍ය පරිපාලනය නිසියාකාරව ක්‍රියාත්මක විය යුතු
අතර දැනට පවතින තත්ත්වය කෙරෙහි සමස්ත රාජ්‍ය පරිපාලනයම වගකීම භාරගත යුතු බව
ජනාධිපතිතුමා සඳහන් කළේය.
ත්‍රිවිධ හමුදා උත්තමාචාර සමග සංවිධාන කර තිබූ නිදහස් දින උළෙල සංස්කෘතිකාංග රැසකින්
වර්ණවත් විය.
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක
කුමාරතුංග, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්ම මහත්මීහු කථානායක කරු ජයසූරිය
මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු, තානාපතිවරු, ත්‍රිවිධ හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල්
ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් සහ රණවිරුවෝ මේ
අවස්ථාවට එක්ව සිටියහ.
නිදහස් සැමරුම් උළෙලෙ නිමවී නික්ම යාමට පෙර ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව අතරට ගොස්
සිය ආචාරය පුද කළේය.






No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot