උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 20 February 2020

සිසුන් සිව් දෙනෙක් වැවට බිලි වුණේ ගුරුන්ගේ වරදින්ද ?



සිසුන් සිව් දෙනෙක් වැවට බිලි වුණේ ගුරුන්ගේ වරදින්ද ?

අධ්‍යාපන චාරිකාවකට ගොස් සිටියදී බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ විද්‍යාලයක සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බව අධ්‍යාපන අමාත්‍යංශය පැවැසුවා. එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.එම්.එම් රත්නායක මහතා පෙන්වා දෙන්නේ එම පරීක්‍ෂණය සිදු කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.

බදුල්ල, හාලිඇළ ප්‍රදේශයේ පාසලක 10 වන ශේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසු සිසුවියන් පිරිසක් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අධ්‍යාපන චාරිකාවක නිරතව ඇත්තේ  ගුරුවරුන් 08 දෙනෙකුගේ අධීක්‍ෂණය යටතේයි. කෙසේ වෙතත් ඊයේ පස්වරුවේ මෙම සිසුන් පිරිස මැදචච්චිය වැවේ නිරීක්‍ෂණයක් සඳහා රැගෙන ගොස් තිබූ අතර, එහිදී දිය නෑමට යොමු වූ සිසුන් හතරදෙනෙකු දියේ ගිලී ජීවිතක්‍ෂයට පත්ව තිබුණා.

මළ සිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය අද ත්‍රිකුණාමලය රෝහලේදී සිදුකළා. 




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot