උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 21 February 2020

සයින්දමරුදු නගර සභාව ඉල්ලා බලපෑම්

සයින්දමරුදු නගර සභාව ඉල්ලා බලපෑම්

 සයින්දමරුදු නගර සභාවක් බවට පත්කිරීම අනිවාර්යයෙන්ම කළ යුත්තක් බව කල්මුණේ නගරාධිපති රකීබ් අබුබකර් මහතා පවසනවා. සයින්දමරුදු ප්‍රදේශය වෙනම නගර සභාවක් කිරීමට අදාළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට රජය ගනු ලැබූ තීරණය පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.

සයින්දුමරුදු ප්‍රදේශය වර්තමානයේ කල්මුණේ නගර සභාවට අයත්ව පවතිනවා. කල්මුණේ නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ, අදාළ ප්‍රදේශයේ ජනතාවට තමන්ගේම සභාපතිවරයෙකු සිටීම වටිනා බවයි.

ඒ අනුව ජනතාව ඉල්ලූ දේ සහ ජනතාවට පොරොන්දු වූ දේ ලබාදීම රජයේ වගකීම බවයි නගරාධිපති රකීබ් අබුබකර් මහතා පෙන්වා දෙන්නේ.කෙසේ වෙතත්, එහිදී මුස්ලිම් සංස්කෘතිය ඔප්නැංවෙන ආකාරයට සයින්දුමරුදු ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් පිළිබඳවද මාධ්‍යවේදීන් නගරාධිපතිවරයාගෙන් විමසීමක් කළා.

එහිදී ඔහු කියා සිටියේ, මුස්ලිම් සංස්කෘතියට අයත් ඉදිකිරීම් කිසිවක් අදාළ ප්‍රදේශයේ සිදුව නොමැති බවයි.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot