උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Friday 14 February 2020

වුහාන් සිටි පැමිණි පිරිස දියතලාවෙන් පිට වෙයි.


වුහාන් සිටි පැමිණි පිරිස දියතලාවෙන් පිට වෙයි.

චීනයේ වූහාන්වල සිට පැමිණ දියතලාව යුද හමුදා කඳවුරේ විශේෂ මධ්‍යස්ථානයේ රඳවා සිටි ශ්‍රි ලාංකිකයින් 33 දෙනා එම මධ්‍යස්ථානයෙන් අද පිටත්ව ගියා.  යුද හමුදාවේ මැදිහත් වීමෙන් එම පිරිස රැගත් බස් රථය පෙරවරු 10.00ට පමණ දියතලාව හමුදා කඳවුරෙන් වී තිබුණා.

ඔවුන් අකුරේගොඩ, යුධ හමුදා මූලස්ථානය වෙත පැමිණ යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ද හමු වූ බව අප වාර්තාකරු සඳහන් කළා. අනතුරුවයි ඔවුන් සිය ඥාතීන් සමඟ නිවෙස් බලා පිටත්ව ගියේ. කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වු චීනයේ වූහාන් නගරයේ රැඳී සිටි  මෙම ශ්‍රි ලාංකිකයින් 33 දෙනා පසුගිය පළමුවනදා දිවයිනට රැගෙන ඒමට පියවර ගෙන තිබුණා.  නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමුකළ ඔවුන් දියතලාව යුධ හමුදා කඳවුරේ ස්ථාපිත කෙරුණු විශේෂිත මධ්‍යස්ථානයක සියලු පහසුකම් යටතේ දින 14ක කාලයක් රඳවා තැබීමටයි රජය පියවර ගත්තේ. 



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot