පානීය ජල සැපයුම සීමා කරයි.
පානීය ජල සැපයුම සීමා කිරීම කෙරෙහි ජාතික ජලසම්පාදන මණ්ඩලය අවදානය යොමුකර තිබෙනවා. වියළි කාලගුණ තත්ත්වය හමුවේ උග්ර ජල හිඟයක් පැවැතීම ඊට හේතුවයි.
කෙසේ වෙතත් ඉදිරි දිනවලදී උස්බිම්වල ජනතාවට ජලය බෙදා හැරීමේදී අඩුපීඩන තත්ත්වයක් නිර්මාණය විය හැකි බව ජාතික ජලසම්පාදන මණ්ඩලය පැවැසුවා. පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ඉතා අරපිරිමැස්මෙන් යුතුව ජලය පරිභෝජනය කරන ලෙසයි එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
No comments:
Post a Comment