20 - 20 කාන්තා ලෝක කුසලාන පළමු තරඟයේ ජය ඉන්දියාවට.
කාන්තා ලෝක කුසලාන පන්දුවාර විස්සයි 20 තරඟ මාලාවේ පළමු තරගය විශිෂ්ට ලෙස ජය ගැනීමට ඉන්දීය කාන්තා පිල සමත් වුණා. ඕස්ටේ්රලියාවේ සිඞ්නි ක්රිඩාංගනයේ පැවැති තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය කාන්තා පිල නියමිත පන්දුවාර 20 තුළ කඩුළු 04 ක් පමණක් දැවී ලකුණු 132 ක් රැස්කළා.
ලකුණු 133 ක ජයග්රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඕස්ටේ්රලියානු කාන්තා පිලට නියමිත සියළු දෙනා දැවී පන්දුවාර 20 අවසානයේදී රැස්කර ගත හැකි වූයේ ලකුණු 115 ක් පමණයි.
මේ අතර ශ්රී ලංකා කාන්තා පිල හා නවසීලන්ත කාන්තා පිල අතර තරඟය හෙට ඕස්ටේ්රලියාවේ පර්ත් ක්රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.
No comments:
Post a Comment