පාසල් ළිඳක වස - පරීක්ෂණ.
පන්නල, වඩුමුන්නේගෙදර මහාබෝධි විද්‍යාලයේ සිසුන් ජලය ලබා ගන්නා ළිඳකට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් මුසු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා. ඒ පාසලේ විදුහල්පතිවරයා පොලිසියට කළ දැනුම් දීමකට අනුවයි.
පොලිසිය පැවැසුවේ සිසු සිසුවියන් 250 ක් පමණ ඉගෙනුම ලබන පාසලකට අයත් ළිඳකට මෙලෙස කිසියම් රසායන ද්‍රව්‍යක් මිශ්‍ර කර ඇති බවයි. කෙසේ වෙතත් මෙය කවුරුන් විසින් සිදුකරන ලද්දක්දැයි මේ දන්වා අනාවරණ වී නැහැ. සිද්ධිය පිළිබඳ විශේෂ කණ්ඩායමක් යටතේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි පොලිසිය පැවැසුවේ.
No comments:
Post a Comment