ඉතාලියේ සිට පැමිණි දෙන්නෙකුට කොරෝනාදැයි සැක.
ඉතාලියේ සිට දිවයිනට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකු හදිසියේම කොළඹ අයි.ඩී.එච් උන රෝහලට ඇතුලත් කළා. ඒ කොරෝනා වැලැදී ඇත්දැයි යම් සැකයක් මතුවීම හේතුවෙන්. උන සහ කැස්ස සහිතව පැමිනීම හේතුවෙන් ඇති වූ සැකය මත ඔවුන් රෝහල්ගත කිරීමටයි කටුනායක ගුවන්තොටුපල බලධාරීන් පියවර ගෙන තිබෙන්නේ.
මේ අතර කොවිඞ් 19 හෙවත් කොරෝනා රෝග තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින්, එමගින් ශ්‍රී ලංකාවටද යම් බලපෑමක් සිදුවේය යන උපකල්පනය මත පදනම්ව කටයුතු කිරීමට මෙරට සෞඛ්‍ය බලධාරීන් තීරණය කර තිබෙනවා. විදෙස් දූත මණ්ඩල සමඟ අඛණ්ඩව සම්බන්ධ වෙමින් වෛරසය රටට ඇතුළුවීමේ අවස්ථා මඟහැරවීම මෙරට සෞඛ්‍ය අංශවල සැලසුමයි.
ලොව පුරා රටවල් 51 ක මේ වන විට කොරෝනා වෛසරය ව්‍යාප්තව ඇති අතර, මේ දක්වා කාලය තුළ වාර්තා වි ඇති කොරෝනා මරණ ගණන 2800 ක්. එමෙන්ම වාර්තා වී ඇති රෝගීන් ගණන 83000 ඉක්මවනවා.
No comments:
Post a Comment