උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

ආවා කල්ලිය යාපනය විශ්ව විද්‍යාලයේ නවක වදය ලබාදුන් පිරිසට අවවාදයක්.

ආවා කල්ලිය යාපනය විශ්ව විද්‍යාලයේ නවක වදය ලබාදුන් පිරිසට
අවවාදයක්.


යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චිය මණ්ඩපයේ සිසුවියන්ට නවක වදය ලබාදුන්
පිරිසට දඩුවම් දීමට කටයුතු කරන බවට ආවා කල්ලිය සමාජ මාධ්‍ය හරහා දැනුම්දීමක්
කොට ඇති බව යාපනය ප්‍රදේශවාසීන් පවසති.
යාපනය ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලිය විශ්ව විද්‍යාලයේ
සිසුවියන්ට නවක වදය ලබාදුන් පිරිස වෙත දඩුවම්දීමට තම කණ්ඩායම ආරම්භ කොට ඇති
බවද සඳහන් කොට ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
අදාළ සිදුවීමට සම්බන්ධ යාපනය ප්‍රදේශයේ සිසුවෙකුට පහරදීම හරහා දඩුවම් ලබාදීම
ආරම්භ කළ අතර, ඉදිරි ක්‍රියාමාර්ග බලා සිටින ලෙසට ආවා කල්ලිය සිය නිවේදනයේ
සඳහන් කොට තිබිණ.
දෙමළ ජනතාවගේ උරුමය විදහාපාන යාපනය විශ්ව විද්‍යාලය අපකීර්තියට පත් කළ
අදාළ සිසුන් කණ්ඩායමට දඩුවම් ලබාදීම තම කණ්ඩායම ආරම්භ කොට ඇති බවද ආවා
කල්ලිය සාමාජ මාධ්‍ය වෙත මුදාහළ නිවේදනයේ සඳහන් කොට ඇත.
001 Avva News යන්නෙන් සඳහන් කරන නිවේදනයක් තුළින් ආවා කල්ලිය එය දැනුවත්
කොට තිබිණ.



No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot