උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Thursday 13 February 2020

පිටරටින් ගෙනා කසල පිළිබඳ අවසන් තීන්දුව ලබන 04 දා.


 පිටරටින් ගෙනා කසල පිළිබඳ අවසන් තීන්දුව ලබන 04 දා.

ඉකුත් වසරේ බ්‍රිතාන්‍යයෙන් මෙරටට ආනයනය කරන ලද කැලිකසල අඩංගු බහලුම්  ප්‍රවාහනය කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගයක් ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 04 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නියෝග කළා.

විදේශවලින් කැලිකසල මෙරටට ආනයනය කිරීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද සලකා බැලීමෙන් පසුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.නවාස් සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය කළා.

පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා දැනට කොළඹ වරායේ සහ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවතින ආනයනය කරන ලද කැලිකසල අඩංගු බහාලුම්  නැවත එංගලන්තයට ප්‍රති අපනයනය කිරීමේ සාකච්ඡා ආරම්භ කර තිබෙන බව සඳහන් කළා.

එහෙත් එම බහාලුම් ප්‍රවාහනය කිරීම වළක්වාලමින් අධිකරණය විසින් පනවා තිබෙන තහනම් නියෝගය නිසා එම සාකච්ඡා වලට බාධා පැමිණ ඇතැයි පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එම තහනම් නියෝගය හේතුවෙන් අදාළ කැලිකසල අඩංගු බහාලුම් යළි භාර ගැනීමට එංගලන්ත පාර්ශවයන් අකමැත්ත පළකර තිබෙන බවද සඳහන් කර සිටියා.




ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු වලට අනුව අදාළ තහනම් නියෝගය ඉවත් කරනවාද? නැද්ද? යන්න පිළිබඳ නියෝගය ලබන 04 වනදා ප්‍රකාශයට පත්කරන බව නියෝග කළා.

No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot