රංජන්ගේ හඩ පට අදත් මැතිසබය උණුසුම් කරයි.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා සිය ආන්දෝලනාත්මක දුරකථන ඇමතුම්වල හඬපට ඇතුළත් එක් සංයුක්ත තැටියක් පාර්ලිමේන්තුවේ හැන්සාඩ් කාර්යාලයට භාර දී තිබෙනවා.
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක පැවසුවේ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග කථානායකවරයා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා සාකච්ඡා කිරිමෙන් අනතුරුව තීරණය කරනු ඇති බවයි.
ආන්දෝලනාත්මක සිය දුරකථන සංවාදවල හඬපට ඇතුළත් සියලූ සංයුක්ත තැටි පාර්ලිමේන්තුවට භාරදිය හැකි බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මීට පෙර කියා සිටියා.
එ හෙත් මේ දක්වාත් එවැනි කිසිඳු සංයුක්ත තැටියක් ඔහු පාර්ලිමේන්තුවට භාර දී තිබුණේ නැහැ.
මේ අතර අද පාර්ලිමේන්තුවේදී වරප්‍රසාද ප්‍රශ්නයක් යොමුකරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළේ එම හඬ පට ඉල්ලා සිටියත් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි.
ඒ සඳහා පක්ෂ නායකයන්ගේ අනුමැතිය අවශ්‍ය බව සඳහන් කරන බවත් මන්ත්‍රීවරිය සඳහන් කළා.
කෙසේ වෙතත් එයට පිළිතුරු දෙමින් කථානායක කරු ජයසූරිය මහතා ප්‍රකාශ කළේ හඬපට ඉදිරියදේ ලබාදීම සඳහා කටයුතු සකස්කරන බවයි.
No comments:
Post a Comment