පූජිතට හේමසිරිට ඇප.
කොළඹ මහාධිකරණය විසින් ලබාදුන් නියෝගය පරිදි රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නිම කළා.
මෙම පැමිණිල්ල අද මෝසමක් මාර්ගයෙන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී බන්ධනාගාරගතව සිටි හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණයට ඉදිරිපත් කළා.
මෙහිදී මහේස්ත්‍රාත්වරයා විසින් කොළඹ මහාධිකරණය විසින් විසින් ප්‍රකාශිත අප කොන්දේසි කියවා දෙනු ලැබුවා.
ඉන් අනතුරුව සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහැරීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා රහස් පොලිසිය දැනුම් දුන් විට එහිගොස් අවශ්‍ය ප්‍රකාශයක් ලබාදීමට පියවර ගන්නා ලෙසද සැකකරුවන්ට නියම කළා.
අනතුරු නඩුව නැවත මැයි මස 6 වනදා කැඳවීමට නියම කළා.
No comments:
Post a Comment