උණුසුම් පුවත්

SjTV Live Streaming
Live Title Here

Live Title Here.

Hosted By SjTV Srilanka on Sunday 24th Of November 2019
Subscribe Us On Youtube

Saturday 15 February 2020

සජිත් හංසයාට කැමැතියි.

සජිත් හංසයාට කැමැතියි. 

සමඟි ජන බලවේගය යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට අදාල මූලික වැඩකටයුතු අද සිට ආරම්භ කර තිබෙනවා. විපක්‍ෂ නායක කාර්යාලයේ ආරංචි පැවැසුවේ මැතිවරණ කටයුතු මෙහෙයවීම ඇතුළු අනෙකුත් කාරණාවලට අදාල සංවිධායකයින් පත්කිරීම ඇතුළු වැඩකටයුතු රැසක් අද දිනයේදී සිදුකළ බවයි.

මේ අතර විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර තවත් විශේෂ සාකච්ඡාවක් ලබන සදුදා පැවැත්වීමට නියමිතයි. ඒ සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදීයී. එහිදි පක්‍ෂයේ ලකුණ සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණීම දෙපාර්ශවයේම අපේක්‍ෂාවයි.

මේ වන විට හදවත ලකුණ පිළිබඳ සංවාදයෙන් මිදී කටයුතු කිරීමට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බවටද තොරතුරු වාර්තාවනවා. ඒ අලියා ලකුණ හෝ හංසයා ලකුණ ප්‍රේමදාස මහතාගේ සන්ධානය සඳහා ලබාදීමට රනිල් වික්‍රමසිංහ මහතා කැමැත්ත පලකර ඇති පසුබිමකයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවැසුවේ එක්සත් ජාතික පක්‍ෂය තුළ මත දෙකක් මිස කණ්ඩායම් දෙකක් නොමැති බවයි.




No comments:

Post a Comment

Post Top Ad

Your Ad Spot